-
සමෘද්ධිය හා ධනය පාලනය කිරීම පිළිබඳව මවිතකර මුලධර්මයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එළිදරව් කරන සේක. යමක් ඇති තැනැත්තාට වැඩියෙන් දෙනු ලැබේ! එය කෙතරම් අසාධාරණදැයි පෙනී යන්නේද! එසේ වුවත් දිනපතා අප ඉදිරියේ රඟ දැක්වෙන යථාර්ථය එය වේ. සුළු වශයෙන් තේරුම් ගැනෙන ශුද්ධ ලියවිලි පාඨය විස්තර කිරීමට මෙම ග්‍රන්ථය උත්සාහ දරා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම ග්‍රන්ථය ඔබ හදාරන විට සමෘද්ධිමත් බවේ අභිරහස් වලට ඔබට උසස් ඇතුළාන්ත දැක්මක් ලැබෙනු ඇත.
-
මෙම ග්‍රන්ථය කියවීමට උනන්දුවක් ඇති සියලුම දේව සේවකයන් හට ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ පෑන් තුඩින් පිදෙන තවත් තිලිණයකි. පියවරුන් සහ පුත්‍රයන් අතර ඇතිවන සංකීර්ණ සම්බන්ධතා පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට මෙම ග්‍රන්ථය පිළිතුරු සපයන්නේය. මෙම ග්‍රන්ථය ඉගැන්වීම තුළින් ඔබගේ ජීවිතයට ශාපයක් පැමිණීම වළක්වා ඔබ මතට ආශීර්වාදයක් ගෙන එනු ලබයි. පියවරු යනු පුත්‍රයන් හා රැකවරණයේ සිටින්නන් හදාවඩා ගන්නා විශේෂ පුද්ගලයන්ය. පියවරුන් නොමැතිව, වෙනත් පරම්පරාවලට නොකඩවා සේවය කිරීමට දරුවන් නොසිටිනු ඇත. ගෞරව නොකිරීම, කීකරු නොවීම හා පියවරුන් සමඟ දුර්වල සම්බන්ධතා පැවැත්වීම තුළින් පැමිණෙන ශාපය මෙම පොත කියවා මඟහැර ගන්න.
-
ගුරුවරුන්උදෙසා දෙවියන්වහන්සේගේ මුලික අවශ්‍යතාවක් වුවද මෙම විෂය පිළිබඳව ලියවීඇතිදේ අල්පය.සභා තුළ ස්ථිරත්වය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාව පෙරදැරි කොටගෙන ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්‍රන්ථය තුළින් ඉතා වැදගත් මුලධර්ම සාරාංශය ගත කරයි. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ඉතා උචිත හා ප්‍රායෝගික වන බැවින් බොහෝ සභා නායකයින් හට අත්‍යවශ්‍ය මෙවලමක් වන්නේය.
-
විශිෂ්ඨ කිතුනු නායකයකු වන ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ඔහුගේ එක් රහසක් හෙළි කරයි. “යම් කෙනෙකු මගෙන් විමසුවහොත් දෙවියන්වහන්සේ සමඟ පවතින සම්බන්ධතාවයට ඇති රහස කුමක්ද කියා, ඒ දිනපතා උන්වහන්සේ සමඟ පවත්වන නිහඬ කාලයේ බලය බව මම පැකිලීමකින් තොරව පවසමි” ඔහු මෙම ග්‍රන්ථය ලිවීමට අදහස් කළේ නිහඬ කාලයේ බලයෙන් ඔබටද වාසි ලබාගත හැකි වන පිණිසය.
-
"තමන්ගේ සභාවේ සෙනඟ ශුභ ආරංචියකින් කුතුහලයට පත් කිරීමට හා ඔවුන්ට බලපෑමක් ඇති කිරීමට සභා පාලකවරුන් පීඩනයකින් පසුවෙති. කුරුසියේ පණිවිඩය කලාතුරකින් හඳුනා ගන්නා තුරු සෙනඟ තුළ පවතින මෙම පීඩනය ක්‍රිස්තුස්වහන්සේගේ වචනය විකෘති කිරීමට හේතු වී ඇත. ක්‍රිස්තුස්වහන්සේ “ලබා ගැනීමට” අප “නැතිකර ගතයුතු” ය යන කිතුදහමේ මුලික සත්‍යතාවලට අපි අද හැරී යමින් සිටිමු. අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පුජා කළ යුතු බව, දුක් විඳිය යුතු බව හා මිය යා යුතු බව දේශනා කරන කළ සභාව කරා බලය නැවත පැමිණෙනු ඇත. යම් කෙනෙකු කෙතරම් සාර්ථක හෝ බලවත් වුවත් ඔහුට ක්‍රිස්තුස්වහන්සේගේ වචනයේ බලය මකා දැමීය නොහැකිය. "
-
මෙම ග්‍රන්ථය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීම ලබා ගැනීම වටහා ගැනීම සඳහා මුලික මඟ පෙන්වීමක් ලබා දීමකි. යේසුස්වහන්සේ ඔබට කෙතරම් ප්‍රේම කරන්නේද, ඔබ නැවත උත්පාදනය ලබා ගන්නේ කෙසේද, නිරයට යෑමෙන් ඔබ වැළකෙන්නේ කෙසේද හා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නව මිනිසකු වන්නේ කෙසේද යන්න මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් ඔබ තේරුම්ගනු ඇත. මෙම ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට ත්‍යාග කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ තුළින් ගැළවීම ලබා ගැනීම යනු කුමක්දැයි ඔවුන් තේරුම් ගනු ඇත.