-
කිතුනුවකු ලෙස ඔබගේ ජීවිතයේ වඩා උතුම් හා ප්‍රණීත බලපෑම් විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඔබගේ චරිතය, හෘද සාක්ෂිය, ඔබගේ නිර්මාණශිලී බවට හා ශුද්ධව සිටීමට ඔබට ඇති හැකියාවට පවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් ඇතිකර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට හැකියාව ලබා දෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම සුවිශේෂ ග්‍රන්ථය තුළින් ලැබෙන දැනුම තුළින් ආභාෂය ලැබීමට, ප්‍රබෝධ කිරීමට, බලපෑමට හා සදහටම ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඉඩ දෙන්න.
-
නිහතමානි බව වැදගත් ආත්මික ගුණාංගයකි. මෙම අපැහැදිලි එහෙත් වැදගත් ආත්මික ගුණාංගය පිළිබඳව ලිවීමට ධෛර්යය ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණය. මෙම නව ප්රබෝධක ග්රන්ථය තුළ ඩැග් හේවර්ඩ්-මිල්ස් ර බැඳීමක නිරත සමකාලීන කිතුනුවකු විසින් ලියන ලද මෙම බලගතු ග්රන්ථය යේසුස් ක්රිස්තුස්වහන්සේගේ අහිංසක නිහතමානී බව ඔබ තුළ වර්ධනය කිරීමට ඔබට ආශිර්වාද කරමින් ඔබව දිරිමත් කරනු ඇත
-
ඩැග් හේවර්ඩ්-මිල්ස් වැඩියෙන් අලෙවි වන “ලෝයල්ටි ඇන්ඩ් ඩිස්ලෝයල්ටි” යන ග්‍රන්ථය ඇතුළු ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇත. ඔහු සභාවන් දහසකට වඩා ඇති ලයිට් හවුස් චැපල් ඉන්ටර්නැෂනල් නිකායේ නිර්මාතෘවරයා වේ. ජාත්‍යන්තර ඉවැන්ජලිස්තවරයෙකු වන ඩැග් හේවර්ඩ්-මිල්ස් ජ්‍යාතන්තර වශයෙන් හීලිංග් ජීසස් කෘසේඩ් හි සේවය කරන අතර ලොවපුරා සම්මන්ත්‍රණ පවත්වයි. වැඩිවිස්තර සඳහා www.daghewardmills.org වෙබ් අඩවියට පිවිසෙන්න.
-
ඔබ දෙවියන්වහන්සේගේ රැළෙහි එඬේරෙකු නම්, මෙම ග්රන්ථය තුළින් ඔබට විශාල උපකාරයක් ලැබෙනු ඇත. ඔබගේ සාර්ථකත්වය උදෙසා අත්‍යවශ්‍ය විස්තරාත්මක හා ප්‍රවේශමෙන් තෝරා ගන්නා ලද උපදෙස් මෙම පිටුවල අන්තර්ගතය. ඩැග් හේවර්ඩ්-මිල්ස් බිෂොප්තුමා වසර තිහකටත් වඩා එඬේර සේවයේ යෙදී සිටියේය. ඔහු එහිදී එඬේරෙකු සේ ලද අත්දැකීම් දේව සේවයේ වැඩ සඳහා ප්‍රායෝගික ඇතුළාන්ත දැක්මවල් බෙදා ගැනීමට උපයෝගි කර ගනියි. දෙවියන්වහන්සේගේ සෙනඟගේ එඬේරෙකු වීමට ඔබට දැඩි උද්යෝගයක් ඇත්නම්, ඔබ සොයමින් සිටි උපදෙස් පොත මෙය වන්නේය.
-
“එඬේරා” යන වචනය ඇසෙන විට ඔබට සිහියට නැඟෙන්නේ එක් දෙයකි. ඒ බැටළුවන්ය! බැටළුන් අන් කෙනෙකු මත යැපෙන එඬේරෙකු අවශ්‍ය සත්ව විශේෂයකි. එඬේරා බැටළුවන්ගේ ආදරණිය මඟපෙන්වන්නාය. බයිබලයේ දෙවියන්වහන්සේ අපව අදාළ කරන්නේ දෙවියන්වහන්සේගේ සරුසාර තණ නිල්ලේ සිටින බැටළුවන් ලෙසය. යේසුස්වහන්සේ ස්වකීය ගෝලයකුවු පේත්‍රැස් හට ගැළවුම්කරුවාණන්ට ඇති ප්‍රේමය සනාථ කිරීමට උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරන්න යයි පැවසුසේක. එඬේරෙකු වීම උතුම් රැකියාවකි. දෙවියන්වහන්සේගේ ශ්‍රම බලකායටබඳවා ගැනීමට ලැබෙන කැඳවීම හා උන්වහන්සේගේ බැටළුවන් රැක බලා ගැනීමට ලැබීම ගෞරවයකි. ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්රන්ථය තුළින් අපට දෙවියන්වහන්සේගේ සෙනඟ රැක බලා ගැනීමේ උතුම් සේවයට සම්බන්ධ වීමට ආරාධනා කරමින්, ඉල්ලා සිටිමින් එසේ කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නේය. එඬේරෙකු බවට පත්වීමේ මෙම සුන්දර රැකියාව අහිමිකර නොගන්න!
-
යේසුස් ක්රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් ඔබ ගැළවීම ලබන්නේය! ඔබ නැවත උත්පාදනය වූ කිතුනුවෙක් වන අතර ඔබේ නම ජීවන පොතේ ලියවී ඇත. ඔබගේ ප්රශ්නය වන්නේ:''ගත යුතු මීළඟ පියවර කුමක් ද?'' යන්නයි. කිතුනුවෙක් බවට පත්වීම යහපත් පියවරකි, එහෙත් එය හුදෙක් ආරම්භය පමණි. ඔබ හොඳ, ශක්තිමත් කිතුනුවෙක් විය යුතුම ය. 'එසේනම් මා එය කරන්නේ කෙසේ ද?' - මෙම සම්භාවනීය කෘතියේ, ඔබ ඉගැනීමට යනවා මරණයට මුහුණ දීමට හෝ අහසට ඔසවා ගැනීමට සූදානම් ශක්තිමත් කිතුනුවෙක් වී එසේ රැඳී සිටීමට ගත යුතු පියවර.
-
ඔබව අතහැර යන අයට ඔබව විනාශ කිරීමට හැකියාව ඇත. මනුෂ්‍යයන් ඔබගෙන් ඈත්ව යන විට ඇතිවන ආතතියේ, ව්‍යාකූලත්වයේ හා කාංසාවේ හැඟීම කිසිසේත් අර්ථකථනය කළ නොහැකිය. මනුෂ්‍යයන් ඔබ අතහැර යන විට මුදාහැරෙන විනාශයට එරෙහිව සටන් කරන පිණිස මෙම ග්‍රන්ථය රචනා වී ඇත. මුළා නොවීම, අතරමං කිරීම හෝ අත්හැර දැමීම ඔබට හෝ ඔබගේ සේවයට අද්විතීය නොවේ. මීට පෙර බොහෝ දෙනෙකු මේ දෙයින්ම පීඩා විඳ ඇත. පළමු කැරලිකරුවා සාතන් වූ අතර එතැන් පටන් සිය කැරලිකරුවන් හට අනුප්‍රාණය දී ඇත. මෙම ග්‍රන්ථය අතැතිව ඔබව අතහැර යන අය මගින් නිදහස් වන්නාවූ පක්ෂපාතී නොවීමේ ආත්මයට එරෙහිව ඔබ නැගී සිටිමින් ඊට විරුද්ධව සටන් කරනු ඇත.
-
ධර්මදූත සේවය සංකීර්ණ දෙයක් වේ! ජීවිතය සංකීර්ණ දෙයක් වේ! ඔබට දැකීමට හැකි නොවන දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය කිරීම පහසු කාර්යයක් නොවේ. ඔබට ඇසීමට නොහැකි දෙවි කෙනෙක් අනුගමනය කිරීම පහසු දෙයක් නොවේ. ඔබ මෙම පොත් කියෙව්වෙහි නම්, දෙවියන් වහන්සේට ඔබේ සේවයේ අද්භූත වටපිටාව නොසලකා ඔබ ඔබේ ධර්මදූත සේවය සම්පූර්ණ කරනු ඇති විස්මය ජනක යතුරු බොහොමයක් ඔබට හමුවන්නට ඇත. මෙම පොතෙහි දී ඔබ කරා ස්වාමීන් වහන්සේ වෙතින් ඔබට පැමිණෙන මාර්ගෝපදේශ සියල්ල ඔබ අනුගමනය කිරීම වැදගත් වේ. මෙම පොතේ පවත්නා අද්භූත දේ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව ඉෂ්ට සිද්ධ කිරීමට හැකි මාවතක ඔබව මෙහෙයවනු ඇත. දිනක ඔබ මෙම වචන පවසනු ඇත, “මම මගේ ජාතිය ඔසවා තැබූ අතර මගේ ධර්මදූත සේවය සම්පූර්ණ කළෙමි!” ඔබ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව