-
ඔබ දෙවියන්වහන්සේගේ රැළෙහි එඬේරෙකු නම්, මෙම ග්රන්ථය තුළින් ඔබට විශාල උපකාරයක් ලැබෙනු ඇත. ඔබගේ සාර්ථකත්වය උදෙසා අත්‍යවශ්‍ය විස්තරාත්මක හා ප්‍රවේශමෙන් තෝරා ගන්නා ලද උපදෙස් මෙම පිටුවල අන්තර්ගතය. ඩැග් හේවර්ඩ්-මිල්ස් බිෂොප්තුමා වසර තිහකටත් වඩා එඬේර සේවයේ යෙදී සිටියේය. ඔහු එහිදී එඬේරෙකු සේ ලද අත්දැකීම් දේව සේවයේ වැඩ සඳහා ප්‍රායෝගික ඇතුළාන්ත දැක්මවල් බෙදා ගැනීමට උපයෝගි කර ගනියි. දෙවියන්වහන්සේගේ සෙනඟගේ එඬේරෙකු වීමට ඔබට දැඩි උද්යෝගයක් ඇත්නම්, ඔබ සොයමින් සිටි උපදෙස් පොත මෙය වන්නේය.
-
ඩැග් හේවර්ඩ්-මිල්ස් වැඩියෙන් අලෙවි වන “ලෝයල්ටි ඇන්ඩ් ඩිස්ලෝයල්ටි” යන ග්‍රන්ථය ඇතුළු ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇත. ඔහු සභාවන් දහසකට වඩා ඇති ලයිට් හවුස් චැපල් ඉන්ටර්නැෂනල් නිකායේ නිර්මාතෘවරයා වේ. ජාත්‍යන්තර ඉවැන්ජලිස්තවරයෙකු වන ඩැග් හේවර්ඩ්-මිල්ස් ජ්‍යාතන්තර වශයෙන් හීලිංග් ජීසස් කෘසේඩ් හි සේවය කරන අතර ලොවපුරා සම්මන්ත්‍රණ පවත්වයි. වැඩිවිස්තර සඳහා www.daghewardmills.org වෙබ් අඩවියට පිවිසෙන්න.
-
නිහතමානි බව වැදගත් ආත්මික ගුණාංගයකි. මෙම අපැහැදිලි එහෙත් වැදගත් ආත්මික ගුණාංගය පිළිබඳව ලිවීමට ධෛර්යය ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණය. මෙම නව ප්රබෝධක ග්රන්ථය තුළ ඩැග් හේවර්ඩ්-මිල්ස් ර බැඳීමක නිරත සමකාලීන කිතුනුවකු විසින් ලියන ලද මෙම බලගතු ග්රන්ථය යේසුස් ක්රිස්තුස්වහන්සේගේ අහිංසක නිහතමානී බව ඔබ තුළ වර්ධනය කිරීමට ඔබට ආශිර්වාද කරමින් ඔබව දිරිමත් කරනු ඇත
-
කිතුනුවකු ලෙස ඔබගේ ජීවිතයේ වඩා උතුම් හා ප්‍රණීත බලපෑම් විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඔබගේ චරිතය, හෘද සාක්ෂිය, ඔබගේ නිර්මාණශිලී බවට හා ශුද්ධව සිටීමට ඔබට ඇති හැකියාවට පවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් ඇතිකර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට හැකියාව ලබා දෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම සුවිශේෂ ග්‍රන්ථය තුළින් ලැබෙන දැනුම තුළින් ආභාෂය ලැබීමට, ප්‍රබෝධ කිරීමට, බලපෑමට හා සදහටම ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඉඩ දෙන්න.
-
සාර්ථක හා සම්පුර්ණත්වයට පත්වන සේවයක දොරටුව විවර කිරීමට අවශ්‍ය ප්‍රධාන යතුර ආලේපය වේ. එය “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් (ආලේපයෙන්)” (සෙකරියා 4:6) බව වටහා ගැනීමට අසමත්වීම නිසා බොහෝ දෙනා වැඩිදුර නොසිතා අවංක චේතනාවෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන් කිරීමට උත්සාහ දරා ඇත. බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත “ආලේපය අල්ලා ගැනීම” නමැති මෙම සුවිශේෂ ග්‍රන්ථය ආලේපය අල්ලා ගැනීම යනු කුමක්ද හා එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත! මෙම පොතෙහි පිටු තුළින් දෙවියන්වහන්සේගේ ආලේපය කෙරෙහි ඔබට ඇති දැඩි උද්යෝගය ඔබ තුළ කැළතේවා!
-
තමන්ට කළ උපකාර පිළිබඳව කැරළිකාර අය අමතක කරති. එමෙන්ම බොහෝවිට සිදුවූ ඇතැම් දේ අමතක කිරීම තෝරාගනිති. යූදස්ට ස්වාමීණ්වහන්සේ කළ දේවල් අමතක වූවා පමණක් නොව ඔහු දුටු දේවල් හා යේසුස්වහන්සේගෙන් ඇසූ දේවල් පවා අමතක විය. අද ‘යූදස්’ යයි අප දන්නා චරිතය බවට ඔහු පත්වූයේ එබැවිනි. මතක තබාගැනීමට හැකිවීම දේව සේවකයකු සතු විය යුතු වඩා වැදගත් ආත්මික තත්වයන්ගෙන් එකකි. අමතක වන අය සාර්ථක වන අවස්ථා විරලය. යම් ප්‍රමාණයකට ඉහළයාමට අසමත් වෙති. විරලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් මත ලියවුණු මෙම විශේෂ ග්‍රන්ථය ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබුණු තිළිණයකි.
-
"දෙවියන්වහන්සේ අනුගමනය කිරීම කුතුහලය ගෙනදෙන ගවේෂණාත්මක සංචාරයකි. වෙනත් අය අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම ඉගෙන ගැනීමේ පුරාණ කලාව විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පුහුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය ලෙස එය යොදාගත් සේක. මෙම පුහුණු කිරීමේ කාලය සෝදිසි කිරීමේ ක්‍රමයෙන් ඉවත්ව යනු වෙනුවට අනුගමනය කිරීමේ කලාවේ සුන්දරත්වය සහ නිහතමානී බව වටහා ගැනීමට කාලය එළඹී ඇත. නිවැරදිව අනුගමනය කළ යුත්තේ කවුරුන්ද, කුමක්ද හා කෙසේද යන්න මෙම ග්රන්ථය තුළින් ඔබ වටහා ගනු ඇත. අපගේ කිතුනු අත්දැකීම තුළ අනුගමනය කිරීමේ කලාවේ නියම ස්ථානය මෙම අනගි නව ග්‍රන්ථය තුළින් ඩැග් හේවර්ඩ්-මිල්ස් පෙන්වා දෙයි. "