ඩැග් හවාඞ් මිලිස් හොදම අලෙවිවූ පොත ”පක්ෂපාතීත්වය සහ අපක්ෂපාතීත්වය” යන පොත ඇතු`ථ බොහෝ පොත්වල කතෘවරයෙකි’ ලයිට් හවුස් චැපල් ඉන්ටනැෂනල් නමැති සභාවන් 2000ට අධික නිකායේ නිර්මාතෘ ඔහුය’ ඩැග් හවාඞ් මිලිස් ජාති්‍යන්තර ඉවැන්ජලිස්ත වරයෙක් වන අතර හීලින් ජීසස් කෘසේඞ් හි සේවය කරමින් ලෝකය පුරා සම්මන්ත‍්‍රණ පවත්වයි’ වැඩි විස්තර ස`දහා අඅඅගා්ටයැඅ්රාපසකකිගදරටගවෙත පිවිසෙන්න’

  • නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස් මගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරපන්නැයි කීවේය.” ලූක් 14:23. දෙවියන්වහන්සේගේ හදවතෙහි පවතින ආශාව ලෝකය ගැළවීමට ගෙන ඒම සහ උන්වහන්සේගේ ගෘහය වන සභාව පිරී පැවතීමය! මෙම එළිදරව්ව පසුබිම් කොට ඝානාවේ එක් සුවිශාල සභාවන් අතරින් එක් සභාවක සභාපාලකතුමා වන බිෂොප් ඩැග් තුළින් “ද මෙගා චර්ච්” (අතිවිශාල සභාව) නමැති මෙම ග්‍රන්ථය බිහිවිය. ඔබගේ සිත ප්‍රබෝධමත් කරන්නාවූ මෙම ග්‍රන්ථය කියවීමෙන් අනතුරුව ඔබගේ සභාව සහ සේවය පෙර පරිදි නොපවතිනු ඇත. “ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ලෝකය එවැන්ජලිස්තකරණය කිරීමේ සේවයට කැපවී ඇත. දේව සේවයේ යෙදී සිටින සියලු දෙනා හට ඔහු ශ්‍රේෂ්ඨ නායකයකු හා පරමාදර්ශීයකු වේ. “චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්” හි අප ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් හඳුනාගෙන සිටීමට හා ලෝකයේ මහා අස්වැන්න කෙතෙහි මිත්‍රයකුද සමකාලීන සේවකයකු යයි හැඳින්වීමටද ගෞරවය ලබාසිටිමු.”​ ආචාර්ය, ඩේවිඩ් යොංගි චෝ සභාපති චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්

  • ගොයම රන් පැහැ ගැන්වී ඇත. දිනාගත යුතු ආත්ම පැසී ඇත. නමුත් දේශකයින් කොහිද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අලුත් ග්‍රන්ථය කිතුනුවන් හට ආත්ම දිනා ගන්නන් වීමට කරන අත්‍යවශ්‍ය කැඳවීමකි.

  • "දෙවියන්වහන්සේ අනුගමනය කිරීම කුතුහලය ගෙනදෙන ගවේෂණාත්මක සංචාරයකි. වෙනත් අය අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම ඉගෙන ගැනීමේ පුරාණ කලාව විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පුහුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය ලෙස එය යොදාගත් සේක. මෙම පුහුණු කිරීමේ කාලය සෝදිසි කිරීමේ ක්‍රමයෙන් ඉවත්ව යනු වෙනුවට අනුගමනය කිරීමේ කලාවේ සුන්දරත්වය සහ නිහතමානී බව වටහා ගැනීමට කාලය එළඹී ඇත. නිවැරදිව අනුගමනය කළ යුත්තේ කවුරුන්ද, කුමක්ද හා කෙසේද යන්න මෙම ග්‍රන්ථය තුළින් ඔබ වටහා ගනු ඇත. අපගේ කිතුනු අත්දැකීම තුළ අනුගමනය කිරීමේ කලාවේ නියම ස්ථානය මෙම අනගි නව ග්‍රන්ථය තුළින් ඩැග් හේවර්ඩ්-මිල්ස් පෙන්වා දෙයි. "

  • බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් නායකයකු පක්ෂපාතී වීමට අවශ්‍ය කරුණු තහවුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වයි. බයිබලීය, ඓතිහාසික හා ප්‍රායෝගික අදාළ කිරීම් භාවිතා කිරීම් මෙම විෂය ඕනෑම පාඨක පිරිසකට ඉතා උචිත ලෙස සකසා ඇත.

  • තමන්ට කළ උපකාර පිළිබඳව කැරළිකාර අය අමතක කරති. එමෙන්ම බොහෝවිට සිදුවූ ඇතැම් දේ අමතක කිරීම තෝරාගනිති. යූදස්ට ස්වාමීණ්වහන්සේ කළ දේවල් අමතක වූවා පමණක් නොව ඔහු දුටු දේවල් හා යේසුස්වහන්සේගෙන් ඇසූ දේවල් පවා අමතක විය. අද ‘යූදස්’ යයි අප දන්නා චරිතය බවට ඔහු පත්වූයේ එබැවිනි. මතක තබාගැනීමට හැකිවීම දේව සේවකයකු සතු විය යුතු වඩා වැදගත් ආත්මික තත්වයන්ගෙන් එකකි. අමතක වන අය සාර්ථක වන අවස්ථා විරලය. යම් ප්‍රමාණයකට ඉහළයාමට අසමත් වෙති. විරලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් මත ලියවුණු මෙම විශේෂ ග්‍රන්ථය ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබුණු තිළිණයකි.

  • ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම නව සම්භාවනීය ග්‍රන්ථ තුළින් අශුද්ධාත්මවල ක්‍රියාකාරකම් නිරාවරණය කරයි. ගදාරා හි මානසික රෝගියාගේ සාක්ෂිය උපයෝගි කරගනිමින් අශුද්ධාත්මයාණන්ගෙන් හා දුෂ්ට ආත්මයන්ගෙන් ජය ලබා ගන්නා ආකාරය ඔහු පෙන්වා දෙයි.

  • කිතුනුවා බොහෝ අන්තරායයන්, මළපුඩු, උගුල් මධ්‍යයේ ගමන් කරයි. මෙම පොත අපට අනතුරු කිරීමට, තුවාල කිරීමට හා විනාශ කිරීමට බලා සිටින දැඩි, අනතුරු වෙත ඔබගේ දෑස් විවෘත කරනු ඇත. ආත්මික අන්තරායයන් පිළිබඳව ලියවුනු මෙම බලවත් පොත තුළින් උපකාර ලබාගන්න. ගැළවීම ලබා ගන්න. නිදහස් වන්න.

  • සාර්ථක හා සම්පුර්ණත්වයට පත්වන සේවයක දොරටුව විවර කිරීමට අවශ්‍ය ප්‍රධාන යතුර ආලේපය වේ. එය “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් (ආලේපයෙන්)” (සෙකරියා 4:6) බව වටහා ගැනීමට අසමත්වීම නිසා බොහෝ දෙනා වැඩිදුර නොසිතා අවංක චේතනාවෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන් කිරීමට උත්සාහ දරා ඇත. බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත “ආලේපය අල්ලා ගැනීම” නමැති මෙම සුවිශේෂ ග්‍රන්ථය ආලේපය අල්ලා ගැනීම යනු කුමක්ද හා එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත! මෙම පොතෙහි පිටු තුළින් දෙවියන්වහන්සේගේ ආලේපය කෙරෙහි ඔබට ඇති දැඩි උද්යෝගය ඔබ තුළ කැළතේවා!

  • ආලේපය ලැබීමට ඔබට දැඩි උද්යෝගයක් තිබේද? මෙම ඓතිහාසික ග්‍රන්ථයෙන් ආචාර්යය හේවර්ඩ්-මිල්ස් ආලේපය ලබා ගැනීමේ පියවර රාශියක් ඔබට හඳුන්වා දෙයි. මෙය ඔබටද ඔබගේ සේවයටද අනිවාර්යයෙන් ආශිර්වාදයක් වනු ඇත. ආලේප ලත් කෙනෙකු වීමට අවශ්‍ය පියවර අනාවරණය කර ගන්න!

  • කිතුනුවකු ලෙස ඔබගේ ජීවිතයේ වඩා උතුම් හා ප්‍රණීත බලපෑම් විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඔබගේ චරිතය, හෘද සාක්ෂිය, ඔබගේ නිර්මාණශිලී බවට හා ශුද්ධව සිටීමට ඔබට ඇති හැකියාවට පවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් ඇතිකර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට හැකියාව ලබා දෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම සුවිශේෂ ග්‍රන්ථය තුළින් ලැබෙන දැනුම තුළින් ආභාෂය ලැබීමට, ප්‍රබෝධ කිරීමට, බලපෑමට හා සදහටම ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඉඩ දෙන්න.

  • විරුද්ධත්වය, සමාවට කරුණු, සැක කිරීම, අමනාපකම් යනාදිය හමුවේ පවා එවැන්ජලිස්ත සේවය ඵලදායි හා ප්රතිඵලදායි කරන්නාවු මෙම අවධානය ගන්නාවු බලය ගැන හදාරන්න.ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම ග්රන්ථය තුළින් ඔබ අන් කිසි දිනක නොවු ලෙස ආත්ම දිනා ගන්නෙකු වනු ඇත.

  • නිහතමානි බව වැදගත් ආත්මික ගුණාංගයකි. මෙම අපැහැදිලි එහෙත් වැදගත් ආත්මික ගුණාංගය පිළිබඳව ලිවීමට ධෛර්යය ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණය. මෙම නව ප්රබෝධක ග්රන්ථය තුළ ඩැග් හේවර්ඩ්-මිල්ස් ර බැඳීමක නිරත සමකාලීන කිතුනුවකු විසින් ලියන ලද මෙම බලගතු ග්රන්ථය යේසුස් ක්රිස්තුස්වහන්සේගේ අහිංසක නිහතමානී බව ඔබ තුළ වර්ධනය කිරීමට ඔබට ආශිර්වාද කරමින් ඔබව දිරිමත් කරනු ඇත

     
  • ඩැග් හේවර්ඩ්-මිල්ස් වැඩියෙන් අලෙවි වන “ලෝයල්ටි ඇන්ඩ් ඩිස්ලෝයල්ටි” යන ග්‍රන්ථය ඇතුළු ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇත. ඔහු සභාවන් දහසකට වඩා ඇති ලයිට් හවුස් චැපල් ඉන්ටර්නැෂනල් නිකායේ නිර්මාතෘවරයා වේ. ජාත්‍යන්තර ඉවැන්ජලිස්තවරයෙකු වන ඩැග් හේවර්ඩ්-මිල්ස් ජ්‍යාතන්තර වශයෙන් හීලිංග් ජීසස් කෘසේඩ් හි සේවය කරන අතර ලොවපුරා සම්මන්ත්‍රණ පවත්වයි. වැඩිවිස්තර සඳහා www.daghewardmills.org වෙබ් අඩවියට පිවිසෙන්න.

  • ඔබ දෙවියන්වහන්සේගේ රැළෙහි එඬේරෙකු නම්, මෙම ග්‍රන්ථය තුළින් ඔබට විශාල උපකාරයක් ලැබෙනු ඇත. ඔබගේ සාර්ථකත්වය උදෙසා අත්‍යවශ්‍ය විස්තරාත්මක හා ප්‍රවේශමෙන් තෝරා ගන්නා ලද උපදෙස් මෙම පිටුවල අන්තර්ගතය. ඩැග් හේවර්ඩ්-මිල්ස් බිෂොප්තුමා වසර තිහකටත් වඩා එඬේර සේවයේ යෙදී සිටියේය. ඔහු එහිදී එඬේරෙකු සේ ලද අත්දැකීම් දේව සේවයේ වැඩ සඳහා ප්‍රායෝගික ඇතුළාන්ත දැක්මවල් බෙදා ගැනීමට උපයෝගි කර ගනියි. දෙවියන්වහන්සේගේ සෙනඟගේ එඬේරෙකු වීමට ඔබට දැඩි උද්යෝගයක් ඇත්නම්, ඔබ සොයමින් සිටි උපදෙස් පොත මෙය වන්නේය.

  • “එඬේරා” යන වචනය ඇසෙන විට ඔබට සිහියට නැ‍ඟෙන්නේ එක් දෙයකි. ඒ බැටළුවන්ය! බැටළුන් අන් කෙනෙකු මත යැපෙන එඬේරෙකු අවශ්‍ය සත්ව විශේෂයකි. එඬේරා බැටළුවන්ගේ ආදරණිය මඟපෙන්වන්නාය. බයිබලයේ දෙවියන්වහන්සේ අපව අදාළ කරන්නේ දෙවියන්වහන්සේගේ සරුසාර තණ නිල්ලේ සිටින බැටළුවන් ලෙසය. යේසුස්වහන්සේ ස්වකීය ගෝලයකුවු පේත්‍රැස් හට ගැළවුම්කරුවාණන්ට ඇති ප්‍රේමය සනාථ කිරීමට උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරන්න යයි පැවසුසේක. එඬේරෙකු වීම උතුම් රැකියාවකි. දෙවියන්වහන්සේගේ ශ්‍රම බලකායටබඳවා ගැනීමට ලැබෙන කැඳවීම හා උන්වහන්සේගේ බැටළුවන් රැක බලා ගැනීමට ලැබීම ගෞරවයකි. ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්‍රන්ථය තුළින් අපට දෙවියන්වහන්සේගේ සෙනඟ රැක බලා ගැනීමේ උතුම් සේවයට සම්බන්ධ වීමට ආරාධනා කරමින්, ඉල්ලා සිටිමින් එසේ කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නේය. එඬේරෙකු බවට පත්වීමේ මෙම සුන්දර රැකියාව අහිමිකර නොගන්න!

  • මෙම විශිෂ්ඨ කාර්යයේදී ඩැග් හේවර්ඩ්-මිල්ස් අද සේවාව තුළ සැබෑ ජීවිතයේ තත්වයන් සෝදිසිකර බලයි. මුදල් සැපයීම, දේශපාලනය, විරුද්ධ ලිංගිකයන්ට අදාල කාරණා හා සේවය පිළිබඳ අන්තර් ක්‍රියාකාරීත්වයට වැනි

  • මෙය සැබවින්ම සාදරයෙන් ඇරයුම් කරන්නාවූ ග්‍රන්ථයකි. සභා පාලකතුමකුද වන බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් එඬේර සේවය ඵලදායී කිරීමට ඇති හැකියාව කුමක්ද හා කෙසේද යන්න විස්තර කරයි.

  • “මනුෂ්යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය.” ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම පොත කියවන අතර චෝදනා කිරීමේ ආයුධය හසුරුවන්නේ කෙසේද හා ඉන් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව උසස් ඇතුළාන්ත දැක්මවල් ලබා ගන්න.
  • යේසුස් ක්රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් ඔබ ගැළවීම ලබන්නේය! ඔබ නැවත උත්පාදනය වූ කිතුනුවෙක් වන අතර ඔබේ නම ජීවන පොතේ ලියවී ඇත. ඔබගේ ප්රශ්නය වන්නේ:''ගත යුතු මීළඟ පියවර කුමක් ද?'' යන්නයි. කිතුනුවෙක් බවට පත්වීම යහපත් පියවරකි, එහෙත් එය හුදෙක් ආරම්භය පමණි. ඔබ හොඳ, ශක්තිමත් කිතුනුවෙක් විය යුතුම ය. 'එසේනම් මා එය කරන්නේ කෙසේ ද?' - මෙම සම්භාවනීය කෘතියේ, ඔබ ඉගැනීමට යනවා මරණයට මුහුණ දීමට හෝ අහසට ඔසවා ගැනීමට සූදානම් ශක්තිමත් කිතුනුවෙක් වී එසේ රැඳී සිටීමට ගත යුතු පියවර.

  • ඔබව අතහැර යන අයට ඔබව විනාශ කිරීමට හැකියාව ඇත. මනුෂ්‍යයන් ඔබගෙන් ඈත්ව යන විට ඇතිවන ආතතියේ, ව්‍යාකූලත්වයේ හා කාංසාවේ හැඟීම කිසිසේත් අර්ථකථනය කළ නොහැකිය. මනුෂ්‍යයන් ඔබ අතහැර යන විට මුදාහැරෙන විනාශයට එරෙහිව සටන් කරන පිණිස මෙම ග්‍රන්ථය රචනා වී ඇත. මුළා නොවීම, අතරමං කිරීම හෝ අත්හැර දැමීම ඔබට හෝ ඔබගේ සේවයට අද්විතීය නොවේ. මීට පෙර බොහෝ දෙනෙකු මේ දෙයින්ම පීඩා විඳ ඇත. පළමු කැරලිකරුවා සාතන් වූ අතර එතැන් පටන් සිය කැරලිකරුවන් හට අනුප්‍රාණය දී ඇත. මෙම ග්‍රන්ථය අතැතිව ඔබව අතහැර යන අය මගින් නිදහස් වන්නාවූ පක්ෂපාතී නොවීමේ ආත්මයට එරෙහිව ඔබ නැගී සිටිමින් ඊට විරුද්ධව සටන් කරනු ඇත.

  • ධර්මදූත සේවය සංකීර්ණ දෙයක් වේ! ජීවිතය සංකීර්ණ දෙයක් වේ! ඔබට දැකීමට හැකි නොවන දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය කිරීම පහසු කාර්යයක් නොවේ. ඔබට ඇසීමට නොහැකි දෙවි කෙනෙක් අනුගමනය කිරීම පහසු දෙයක් නොවේ. ඔබ මෙම පොත් කියෙව්වෙහි නම්, දෙවියන් වහන්සේට ඔබේ සේවයේ අද්භූත වටපිටාව නොසලකා ඔබ ඔබේ ධර්මදූත සේවය සම්පූර්ණ කරනු ඇති විස්මය ජනක යතුරු බොහොමයක් ඔබට හමුවන්නට ඇත. මෙම පොතෙහි දී ඔබ කරා ස්වාමීන් වහන්සේ වෙතින් ඔබට පැමිණෙන මාර්ගෝපදේශ සියල්ල ඔබ අනුගමනය කිරීම වැදගත් වේ. මෙම පොතේ පවත්නා අද්භූත දේ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව ඉෂ්ට සිද්ධ කිරීමට හැකි මාවතක ඔබව මෙහෙයවනු ඇත. දිනක ඔබ මෙම වචන පවසනු ඇත, “මම මගේ ජාතිය ඔසවා තැබූ අතර මගේ ධර්මදූත සේවය සම්පූර්ණ කළෙමි!” ඔබ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව

  • ඔබ ජීවිතයේ ගමන් කරන විට, නොපෙනෙන ලෝකය සැබෑ ලෝකය වන අතර, මෙම භෞතික ලෝකය අදෘශ්යමාන ලෝකයෙහි ඇති දේවල් වලින් කිහිපයක් පමණි. වගේ ඔබට දෘශ්ය සතුරන් ඇත, ඔබට අදෘශ්යමාන සතුරන් ඇත. ඔහුට, ඔහුගේ උපක්රම, ඔහුගේ ශෛලිය හා ඔහුගේ ආයුධ නොදැන, ඔබේ සතුරාට එරෙහිව සටන් කළ හැකිද?ඔබේ ජීවිත ගමන සඳහා අත්යවශ්ය මෙවලමක් මෙම පොතයි. ඔබේ අදෘශ්යමාන සතුරන් කවුදැයි ඔබ ඉගෙන ගනු ඇත, ඔවුන්ගේ පැවැත්මේ මූලයන්, මෙම පොත ඔබට උගන්වයි ඒවායේ ලක්ෂණ සහ ඔවුන්ට එරෙහි සටන දිනා ගන්නේ කෙසේද. ඔබගේ නොපෙනෙන සතුරන් ජය ගැනීමට මෙම වටිනා පොත ඔබට උපකාර කරයි!

  • මෙලොව අපගේ ජීවිතය උන්වහන්සේට සේවය කිරීමට ලැබී ඇති අවස්ථාවකි. එසේම උන්වහන්සේගේ රාජ්‍යය උදෙසා ඔබ කරන්නාවු දේවල් දෙස උන්වහන්සේ දෑස් යොමා සිටින සේක. මෙම ග්‍රන්ථය ඔබගේ කියවීම උත්තේජනය කරයි. කර්තෘවරයා විසින් ප්‍රකාශ කරන සත්‍යයන් ඔබ වැළඳ ගන්නේ නම්, ඔබගේ ජීවිතයට ලැබෙන අවස්ථා නිවැරදි ලෙස භාවිතා කිරීමට ඔබට ප්‍රඥාව ලැබෙනු ඇත.

  • දසයෙන් කොටස දීමේ පුරාණ ක්‍රියාව යුදෙව්වන්ගේ ජනප්‍රවාදමය ධනයට මඟ පෙන්වු නමුත් මෙම සංකල්පය සමග බොහෝ දෙනා අරගල කරමින් සිටිති. ඩැග් හේවර්ඩ්-මිල්ස් බිෂොප්තුමා ධනය නිර්මාණය කිරීමේ සහ සෞභාග්‍යයේ හාස්කම් මුලධර්ම, දසයෙන් කොටස මුර්තිමත් කරන්නේ කෙසේද යන්න උගන්වයි. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ සම්භාවනීය තවත් ග්‍රන්ථයක් රස විඳින්න.

Title

Go to Top