-
ඔබ ජීවිතයේ ගමන් කරන විට, නොපෙනෙන ලෝකය සැබෑ ලෝකය වන අතර, මෙම භෞතික ලෝකය අදෘශ්යමාන ලෝකයෙහි ඇති දේවල් වලින් කිහිපයක් පමණි. වගේ ඔබට දෘශ්ය සතුරන් ඇත, ඔබට අදෘශ්යමාන සතුරන් ඇත. ඔහුට, ඔහුගේ උපක්රම, ඔහුගේ ශෛලිය හා ඔහුගේ ආයුධ නොදැන, ඔබේ සතුරාට එරෙහිව සටන් කළ හැකිද?ඔබේ ජීවිත ගමන සඳහා අත්යවශ්ය මෙවලමක් මෙම පොතයි. ඔබේ අදෘශ්යමාන සතුරන් කවුදැයි ඔබ ඉගෙන ගනු ඇත, ඔවුන්ගේ පැවැත්මේ මූලයන්, මෙම පොත ඔබට උගන්වයි ඒවායේ ලක්ෂණ සහ ඔවුන්ට එරෙහි සටන දිනා ගන්නේ කෙසේද. ඔබගේ නොපෙනෙන සතුරන් ජය ගැනීමට මෙම වටිනා පොත ඔබට උපකාර කරයි!
-
මෙලොව අපගේ ජීවිතය උන්වහන්සේට සේවය කිරීමට ලැබී ඇති අවස්ථාවකි. එසේම උන්වහන්සේගේ රාජ්‍යය උදෙසා ඔබ කරන්නාවු දේවල් දෙස උන්වහන්සේ දෑස් යොමා සිටින සේක. මෙම ග්‍රන්ථය ඔබගේ කියවීම උත්තේජනය කරයි. කර්තෘවරයා විසින් ප්‍රකාශ කරන සත්‍යයන් ඔබ වැළඳ ගන්නේ නම්, ඔබගේ ජීවිතයට ලැබෙන අවස්ථා නිවැරදි ලෙස භාවිතා කිරීමට ඔබට ප්‍රඥාව ලැබෙනු ඇත.
-
දසයෙන් කොටස දීමේ පුරාණ ක්‍රියාව යුදෙව්වන්ගේ ජනප්‍රවාදමය ධනයට මඟ පෙන්වු නමුත් මෙම සංකල්පය සමග බොහෝ දෙනා අරගල කරමින් සිටිති. ඩැග් හේවර්ඩ්-මිල්ස් බිෂොප්තුමා ධනය නිර්මාණය කිරීමේ සහ සෞභාග්‍යයේ හාස්කම් මුලධර්ම, දසයෙන් කොටස මුර්තිමත් කරන්නේ කෙසේද යන්න උගන්වයි. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ සම්භාවනීය තවත් ග්‍රන්ථයක් රස විඳින්න.
-
මෙම ග්‍රන්ථය දියණිවරුන්ගේ සිත් තැවුල් සුව කරනු ඇත! දිගු කාලයක් බලා සිටි මෙම ග්‍රන්ථය, කාන්තාවන් මුහුණ දෙන බොහෝ අසීරු තත්වයන්ගෙන් ජය ගැනීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට ඉඩ හැරීමට ඔවුන්ට අභියෝග කරයි. විශේෂයෙන් දියණිවරුන් උදෙසා රචනා කොට ඇති මෙම බලවත් නව ග්‍රන්ථය ඔබ ප්‍රීතියෙන් කියවන කල දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතය ස්පර්ශකොට ශක්තිමත් කරනු ඇත.
-
කලාව වර්ධනය කිරීම යනු හැකියාව හෝ නිපුණතාවක් වර්ධනය කිරීමය. අනුග්‍රහය පැමිණෙන්නේ නිපුණතා ඇති මනුෂ්‍යයන් හට බව බයිබලය සඳහන් කරයි. දේව සේවයේ කාර්යයන් සඳහා මහත්වූ හැකියාවක් අවශ්‍ය වේ. දේව සේවයේ කලාව (The Art Of Ministry) නමැති මෙම නව ග්‍රන්ථය දේව සේවයේ කටයුතු කිරීමට දැඩි ආශාවක්ඇති අයට අත්‍යවශ්‍ය ග්‍රන්ථයකි. සේවය පිළිබඳ වැරදි සහ නිවැරදි සිතිවිලි කවරේද, සේවයේ කටයුතු මොනවාද දේව සේවය තුළ සේවකයකු ලෙස ඔබගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ දේව සේවයෙකුගේ කාර්ය භාරයන් සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න මෙම ග්‍රන්ථය පැහැදිලිව ඉදිරිපත් කරයි. සේවය තුළ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සිතා බැලුවේද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනගි ග්‍රන්ථය මඟින් දෙවියන්වහන්සේගේ කැඳවීම තුළ වටිනා ගමනක් යන පිණිස ඔබට අභියෝග කරන අතර දේව සේවයේ කටයුතු උදෙසා ඔබගේ පූර්ණ කැපවීමට මඟපෙන්වයි.
-
මෙම ග්‍රන්ථය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීම ලබා ගැනීම වටහා ගැනීම සඳහා මුලික මඟ පෙන්වීමක් ලබා දීමකි. යේසුස්වහන්සේ ඔබට කෙතරම් ප්‍රේම කරන්නේද, ඔබ නැවත උත්පාදනය ලබා ගන්නේ කෙසේද, නිරයට යෑමෙන් ඔබ වැළකෙන්නේ කෙසේද හා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නව මිනිසකු වන්නේ කෙසේද යන්න මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් ඔබ තේරුම්ගනු ඇත. මෙම ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට ත්‍යාග කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ තුළින් ගැළවීම ලබා ගැනීම යනු කුමක්දැයි ඔවුන් තේරුම් ගනු ඇත.
-
"තමන්ගේ සභාවේ සෙනඟ ශුභ ආරංචියකින් කුතුහලයට පත් කිරීමට හා ඔවුන්ට බලපෑමක් ඇති කිරීමට සභා පාලකවරුන් පීඩනයකින් පසුවෙති. කුරුසියේ පණිවිඩය කලාතුරකින් හඳුනා ගන්නා තුරු සෙනඟ තුළ පවතින මෙම පීඩනය ක්‍රිස්තුස්වහන්සේගේ වචනය විකෘති කිරීමට හේතු වී ඇත. ක්‍රිස්තුස්වහන්සේ “ලබා ගැනීමට” අප “නැතිකර ගතයුතු” ය යන කිතුදහමේ මුලික සත්‍යතාවලට අපි අද හැරී යමින් සිටිමු. අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පුජා කළ යුතු බව, දුක් විඳිය යුතු බව හා මිය යා යුතු බව දේශනා කරන කළ සභාව කරා බලය නැවත පැමිණෙනු ඇත. යම් කෙනෙකු කෙතරම් සාර්ථක හෝ බලවත් වුවත් ඔහුට ක්‍රිස්තුස්වහන්සේගේ වචනයේ බලය මකා දැමීය නොහැකිය. "
-
විශිෂ්ඨ කිතුනු නායකයකු වන ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ඔහුගේ එක් රහසක් හෙළි කරයි. “යම් කෙනෙකු මගෙන් විමසුවහොත් දෙවියන්වහන්සේ සමඟ පවතින සම්බන්ධතාවයට ඇති රහස කුමක්ද කියා, ඒ දිනපතා උන්වහන්සේ සමඟ පවත්වන නිහඬ කාලයේ බලය බව මම පැකිලීමකින් තොරව පවසමි” ඔහු මෙම ග්‍රන්ථය ලිවීමට අදහස් කළේ නිහඬ කාලයේ බලයෙන් ඔබටද වාසි ලබාගත හැකි වන පිණිසය.
-
ගුරුවරුන්උදෙසා දෙවියන්වහන්සේගේ මුලික අවශ්‍යතාවක් වුවද මෙම විෂය පිළිබඳව ලියවීඇතිදේ අල්පය.සභා තුළ ස්ථිරත්වය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාව පෙරදැරි කොටගෙන ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්‍රන්ථය තුළින් ඉතා වැදගත් මුලධර්ම සාරාංශය ගත කරයි. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ඉතා උචිත හා ප්‍රායෝගික වන බැවින් බොහෝ සභා නායකයින් හට අත්‍යවශ්‍ය මෙවලමක් වන්නේය.