ඩැග් හවාඞ් මිලිස් හොදම අලෙවිවූ පොත ”පක්ෂපාතීත්වය සහ අපක්ෂපාතීත්වය” යන පොත ඇතු`ථ බොහෝ පොත්වල කතෘවරයෙකි’ ලයිට් හවුස් චැපල් ඉන්ටනැෂනල් නමැති සභාවන් 2000ට අධික නිකායේ නිර්මාතෘ ඔහුය’ ඩැග් හවාඞ් මිලිස් ජාති්‍යන්තර ඉවැන්ජලිස්ත වරයෙක් වන අතර හීලින් ජීසස් කෘසේඞ් හි සේවය කරමින් ලෝකය පුරා සම්මන්ත්රණ පවත්වයි’ වැඩි විස්තර ස`දහා අඅඅගා්ටයැඅ්රාපසකකිගදරටගවෙත පිවිසෙන්න’
-
අධිස්වභාවිකත්වය අද විද්‍යාමාන වන්නේද? මට අධිස්වභාවිකත්වය ක්‍රියාත්මක කළ හැකිද? දෙවියන්වහන්සේ තවම මනුෂ්‍යයන් සුව කරන්නේ නම් උන්වහන්සේ සියලුදෙනාම සුව නොකරන්නේ මන්ද? සුව කිරීමේ ආලේපය මා ලබා ගන්නේ කෙසේද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ කුතුහලය දනවන මෙම ග්‍රන්ථයේ පිටු අතරින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ විද්‍යාමානවීම සම්බන්ධ වන මෙම ගැටළුවලට හා වෙනත් බොහෝ ගැටළු වලට පිළිතුරු ලබා ගන්න.
-
දෙවියන්වහන්ගේ පරිපුර්ණ කැමැත්ත තුළ ජීවත් වීම තරම් වැදගත් මාතෘකාවක් තවත් නැත. ශුභාරංචි දේව සේවකයන් වෙනස්වීමට ඇති එකම එකම හේතුව, දෙවියන්වහන්සේගේ හඬ නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාවය. දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කිරීම කෙතරම් වැදගත්ද, ඔබ දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළ සිටින විට ඔබ සාර්ථක වන අතර ඔබට දෙවියන්වහන්සේ උදෙසා ආශාවන සියල්ල ලැබෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනර්ඝ ප්රයත්නය ඔබගේ ජීවිතයට සහ සේවයට උසස් බලපෑමක් ඇති කරනු ඇත.
-
නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න. (පුරාණ පිටපත් කීපයක 26 වෙනි පදයක් මෙයාකාර තිබේ: නුමුත් නුඹලා කමා නොවෙනවා නම් ස්වර්ගයෙහි සිටින් නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරදවලටත් කමා නොවෙනසේක.) " - (මාර්ක් 11:25-26 [CBS-ROV-1995])මෙම පද දෙක ඔබ බිය ගන්වා? එවිට ඔබේ විසඳුම මෙහි තිබේ. මෙම අතිශයින්ම අවශ්‍ය වූ පොතෙහි, ඔබ පහසුවෙන් සමාව දීමට ඉගෙන - ඔබටත් අපගේ ස්වර්ගික පියාණන්ට සමාව ලබා ගත හැකිය. මෙම පොත ඔබේ සහකාරිය ඔබ පහසුවෙන් සහ අවංකව සමාව දිය හැකි ස්ථානයට ළඟා වන තෙක් දක්වා යන්න ඉඩ දෙන්න.
-
සභාවන් රෝපණය කිරීම දේවගැතිවරුන් අතර ඉතා ප්‍රචලිතව ඇති සංසිද්ධියකි. එය මුල් ගෝලයින් අතර වු ප්‍රධාන ක්‍රියාකාරකමක් විය. කෙසේ වෙතත් සාර්ථක සභා රෝපණයට කුසලතාව අවශ්‍ය වන අතර බොහෝ සාධක අනුගමනය කළ යුතුය. ලොව පුරා ශාඛා 500 පමණ ඇති ශුද්ධාත්මදානී නිකායක ආදි නිර්මාතෘ ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම පොත තුළින් සභා රෝපණය පිළිබඳ විවිධ අංශ විශ්ලේෂණය කරයි. සභා රෝපණය තම ජීවිතය උදෙසා දර්ශනයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම දේවගැතිවරයෙකු හටම මෙය පුහුණු අත් පොතක් වනු ඇත.
-
"අපි සියලු දෙනා අතින්ම වැරදි සිදුවන බව බයිබලය පවසයි. සභා පාලකවරුන් විශේෂ නොවේ. අත්වැරදි ඔබව ඉදිරියට ගෙන යාම වෙනුවට පිටු පසට ගෙන යාමේ ප්‍රවණතාවක් ඇත. ඔබගේ දියුණුව නතර කිරීමට අත්වැරදිම් වලට හැකියාව ඇත. සභා පාලකවරුන් අතින් සිදුවීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ අත්වැරදිද සභා පාලකතුමාගේ අත් වැරදි දහය මොනවා විය හැකිද? මෙම විෂ්මිත ග්‍රන්ථයේ පිටු පෙරළා බලා, ඔබ ඉන් කුමන අත්වැරැද්දක් කිරීමේ අනතුරට පෙළඹී ඇතිදැයි වටහා ගෙන සභා පාලකතුමා කිරීමට පෙළඹිය හැකි ප්‍රධාන අත්වැරදි මඟ හරින්නේ කෙසේදැයි ඔබටම තේරුම් ගැනීමට ආරාධනා කරමු. මෙම ඉතා වැදගත් ග්‍රන්ථය ඔබට මෙන්ම ඔබගේ දේව සේවයට ආශිර්වාදයක් වනු නියතය. "
-
න්දාකිසිදු ශාපයක් නැති” මහිමාන්විත ජීවිතයට අප සෑමකෙනෙක්ම බලා සිටිනවා ඒ මන්ද කිවහොත් අප ජීවිත කාළය තුල අභාග්යයණි නිරන්තර හිරිහැරණි අසතුට සහ නිෂ්ඵලතා වලට මුහුණ දෙන නිසාය අප මුහුණපාන මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් ශාපයන් ලෙස හැඳින්විය හැකx අපට ඒවායින් බේරෙන්නට හැකිද? ගැලවීමට මÛක් ඇත්ද? ශාපයන් හඳුනාගෙන ආශිර්වාද ලබාගැනීම පිණිස හැඩගැසීය හැකි ආකාරය දැන ගැනීමට මෙම පොත ඔබට උපකාරයක් වනු ඇත
-
"පරිපූර්ණ ලෙස මවාපෙන්වන අයගෙන් සහ පරිපූර්ණ ලෙස පක්ෂපාති නොවන අයගෙන් සභාවන් පිරී පවතී. සැමවිටම සාතන්ගේ ප්‍රධාන යතුර වී ඇත්තේ මුලාකිරීම සහ මවාපෑමය. මවාපෙනවන්නාගේ වෙස් මුහුණ තුළින් අභ්‍යන්තරය දැකීමට නොහැකි වන පුද්ගලයා තමාගේ අන්ධභාවය හේතුකොටගෙන දුක්විඳින්නේය. තර්ජනය කොට පොලඹවාගැනීම, සමීප ඇසුර හා වියවුල් බව දේව සේවකයන් සටන් වදින දුෂ්ට ආත්මයන්ය. තමන් සමඟ සටන් වදින්නේ කුමක්ද යන්න බොහෝ වෙලාවට මනුෂ්‍යයන් දැනුවත් නොවේ. ඔබගේ අභ්‍යන්තරයේ සිටින සතුරා හඳුනාගැනීමට සහ විරුද්ධ වීමට මෙම ග්‍රන්ථය ඔබට උපකාර කරනු ඇත.
-
විවිධාකාර ලේ ගැන බයිබලය කතා කරයි: එළුවන්ගේ ලේ, බැටළුන්ගේ ලේ, පරෙවියන්ගේ ලේ! එසේම ලේ වැගිරීමක් නොමැතිව පව් කමාවක් නොමැති බවද බයිබලය සෘජුව පවසයි. එසේනම් මෙම විවිධ ලේ වර්ග වලට අපගේ පාපවලට සමාව දීමට හැකියාව තිබේද? පිළිතුර අනිවාර්යෙන්ම “නොහැකිය” යන්නය. එසේනම් අපගේ පාප සෝදා හැරිය හැකි වන්නේ කුමකටද? ඒ කිසිවකට නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලට පමණය! අපගේ පාප සෝදා හැර අපව ගැළවීමට ගෙන ඒමට බලය ඇත්තේ යේසුස්වහන්සේගේ ලෙයට පමණය. මෙය ඉතා වැදගත් ග්රන්ථයකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ පිළිබඳව බොහෝ ශුද්ධ සත්‍යයන් ඔබ දැනගනු ඇත. යේසුස්වහන්සේගේ ලේ ජීවනය ලබා දෙන්නේ කෙසේද යන්න හා යේසුස්වහන්සේගේ ලෙයෙහි වැදගත්කම නතුකර ගන්නේ කෙසේද යන්න ඔබ දැනගනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ යේසුස්වහන්සේගේ ලේ අතර පවතින අන්තර්ක්‍රියාව ඔබ තේරුම් ගන්නවා ඇත. ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේගේ ලෙයට බලය ඇත!