ඩැග් හවාඞ් මිලිස් හොදම අලෙවිවූ පොත ”පක්ෂපාතීත්වය සහ අපක්ෂපාතීත්වය” යන පොත ඇතු`ථ බොහෝ පොත්වල කතෘවරයෙකි’ ලයිට් හවුස් චැපල් ඉන්ටනැෂනල් නමැති සභාවන් 2000ට අධික නිකායේ නිර්මාතෘ ඔහුය’ ඩැග් හවාඞ් මිලිස් ජාති්‍යන්තර ඉවැන්ජලිස්ත වරයෙක් වන අතර හීලින් ජීසස් කෘසේඞ් හි සේවය කරමින් ලෝකය පුරා සම්මන්ත‍්‍රණ පවත්වයි’ වැඩි විස්තර ස`දහා අඅඅගා්ටයැඅ්රාපසකකිගදරටගවෙත පිවිසෙන්න’

  • මෙය සැබවින්ම සාදරයෙන් ඇරයුම් කරන්නාවූ ග්‍රන්ථයකි. සභා පාලකතුමකුද වන බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් එඬේර සේවය ඵලදායී කිරීමට ඇති හැකියාව කුමක්ද හා කෙසේද යන්න විස්තර කරයි.

  • ඔබ දෙවියන්වහන්සේගේ රැළෙහි එඬේරෙකු නම්, මෙම ග්‍රන්ථය තුළින් ඔබට විශාල උපකාරයක් ලැබෙනු ඇත. ඔබගේ සාර්ථකත්වය උදෙසා අත්‍යවශ්‍ය විස්තරාත්මක හා ප්‍රවේශමෙන් තෝරා ගන්නා ලද උපදෙස් මෙම පිටුවල අන්තර්ගතය. ඩැග් හේවර්ඩ්-මිල්ස් බිෂොප්තුමා වසර තිහකටත් වඩා එඬේර සේවයේ යෙදී සිටියේය. ඔහු එහිදී එඬේරෙකු සේ ලද අත්දැකීම් දේව සේවයේ වැඩ සඳහා ප්‍රායෝගික ඇතුළාන්ත දැක්මවල් බෙදා ගැනීමට උපයෝගි කර ගනියි. දෙවියන්වහන්සේගේ සෙනඟගේ එඬේරෙකු වීමට ඔබට දැඩි උද්යෝගයක් ඇත්නම්, ඔබ සොයමින් සිටි උපදෙස් පොත මෙය වන්නේය.

  • “එඬේරා” යන වචනය ඇසෙන විට ඔබට සිහියට නැ‍ඟෙන්නේ එක් දෙයකි. ඒ බැටළුවන්ය! බැටළුන් අන් කෙනෙකු මත යැපෙන එඬේරෙකු අවශ්‍ය සත්ව විශේෂයකි. එඬේරා බැටළුවන්ගේ ආදරණිය මඟපෙන්වන්නාය. බයිබලයේ දෙවියන්වහන්සේ අපව අදාළ කරන්නේ දෙවියන්වහන්සේගේ සරුසාර තණ නිල්ලේ සිටින බැටළුවන් ලෙසය. යේසුස්වහන්සේ ස්වකීය ගෝලයකුවු පේත්‍රැස් හට ගැළවුම්කරුවාණන්ට ඇති ප්‍රේමය සනාථ කිරීමට උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරන්න යයි පැවසුසේක. එඬේරෙකු වීම උතුම් රැකියාවකි. දෙවියන්වහන්සේගේ ශ්‍රම බලකායටබඳවා ගැනීමට ලැබෙන කැඳවීම හා උන්වහන්සේගේ බැටළුවන් රැක බලා ගැනීමට ලැබීම ගෞරවයකි. ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්‍රන්ථය තුළින් අපට දෙවියන්වහන්සේගේ සෙනඟ රැක බලා ගැනීමේ උතුම් සේවයට සම්බන්ධ වීමට ආරාධනා කරමින්, ඉල්ලා සිටිමින් එසේ කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නේය. එඬේරෙකු බවට පත්වීමේ මෙම සුන්දර රැකියාව අහිමිකර නොගන්න!

  • "දෙවියන්වහන්සේ අනුගමනය කිරීම කුතුහලය ගෙනදෙන ගවේෂණාත්මක සංචාරයකි. වෙනත් අය අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම ඉගෙන ගැනීමේ පුරාණ කලාව විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පුහුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය ලෙස එය යොදාගත් සේක. මෙම පුහුණු කිරීමේ කාලය සෝදිසි කිරීමේ ක්‍රමයෙන් ඉවත්ව යනු වෙනුවට අනුගමනය කිරීමේ කලාවේ සුන්දරත්වය සහ නිහතමානී බව වටහා ගැනීමට කාලය එළඹී ඇත. නිවැරදිව අනුගමනය කළ යුත්තේ කවුරුන්ද, කුමක්ද හා කෙසේද යන්න මෙම ග්‍රන්ථය තුළින් ඔබ වටහා ගනු ඇත. අපගේ කිතුනු අත්දැකීම තුළ අනුගමනය කිරීමේ කලාවේ නියම ස්ථානය මෙම අනගි නව ග්‍රන්ථය තුළින් ඩැග් හේවර්ඩ්-මිල්ස් පෙන්වා දෙයි. "

  • කලාව වර්ධනය කිරීම යනු හැකියාව හෝ නිපුණතාවක් වර්ධනය කිරීමය. අනුග්‍රහය පැමිණෙන්නේ නිපුණතා ඇති මනුෂ්‍යයන් හට බව බයිබලය සඳහන් කරයි. දේව සේවයේ කාර්යයන් සඳහා මහත්වූ හැකියාවක් අවශ්‍ය වේ. දේව සේවයේ කලාව (The Art Of Ministry) නමැති මෙම නව ග්‍රන්ථය දේව සේවයේ කටයුතු කිරීමට දැඩි ආශාවක්ඇති අයට අත්‍යවශ්‍ය ග්‍රන්ථයකි. සේවය පිළිබඳ වැරදි සහ නිවැරදි සිතිවිලි කවරේද, සේවයේ කටයුතු මොනවාද දේව සේවය තුළ සේවකයකු ලෙස ඔබගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ දේව සේවයෙකුගේ කාර්ය භාරයන් සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න මෙම ග්‍රන්ථය පැහැදිලිව ඉදිරිපත් කරයි. සේවය තුළ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සිතා බැලුවේද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනගි ග්‍රන්ථය මඟින් දෙවියන්වහන්සේගේ කැඳවීම තුළ වටිනා ගමනක් යන පිණිස ඔබට අභියෝග කරන අතර දේව සේවයේ කටයුතු උදෙසා ඔබගේ පූර්ණ කැපවීමට මඟපෙන්වයි.

  • දෙවියන්වහන්ගේ පරිපුර්ණ කැමැත්ත තුළ ජීවත් වීම තරම් වැදගත් මාතෘකාවක් තවත් නැත. ශුභාරංචි දේව සේවකයන් වෙනස්වීමට ඇති එකම එකම හේතුව, දෙවියන්වහන්සේගේ හඬ නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාවය. දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කිරීම කෙතරම් වැදගත්ද, ඔබ දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළ සිටින විට ඔබ සාර්ථක වන අතර ඔබට දෙවියන්වහන්සේ උදෙසා ආශාවන සියල්ල ලැබෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනර්ඝ ප්‍රයත්නය ඔබගේ ජීවිතයට සහ සේවයට උසස් බලපෑමක් ඇති කරනු ඇත.

  • නොමැති වීම” යන්නය. උසස් දේවල් සම්පුර්ණ කරනු ලැබුවේ “නිපුණතා අඩු” අය තුළින් බව ඉතිහාසය නැවත නැවතත් අපට උගන්වා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම විශිෂ්ඨ ග්‍රන්ථය තුළින්, ගිහියන් සභාවේ කටයුතු නොකරන විට සිදුවන්නේ කුමක්ද, ගිහියන් සමග බර බෙදා ගන්නේ කෙසේද හා අප ගිහි සේවය ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න ඉගෙන ගන්න

  • දේව සේවයට කැඳවනු ලැබීම යනු නායකත්වයට කැඳවනු ලැබීමකි. ප්‍රකට කිතුනු නායකයකු බවට තමාව පත්කළ මූලධර්ම ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් සවිස්තරව දක්වා තිබේ. මෙහි එළිදරව් කරන සත්‍යතා බොහෝ දෙනෙකු හට නායකත්ව කලාව වෙතට අනුප්‍රාණය දෙනු ඇත.

  • මනුෂ්‍යයා පොළොව මත ගත කරන ජීවිතය යුද්ධයක් බඳු බව ඔබ දන්නවාද? අප යුද්ධ කරන්නට තෝරාගත්තත් නැතත් එය යුද්ධයකිx ඔබගේ ජීවිතය යුද්ධයක් බඳු බව බයිබලයේ සඳහන් වේ ඔබ යහපත් සටනක් කර ඒ යුද්ධය ජයගන්නට අවශ්‍යයි යුද්ධය පිළිබඳ මේ අළුත් පොත සෑම නායකයෙකුම අනිවාර්යයෙන් කියවිය යුත්තකි

  • න්‍දාකිසිදු ශාපයක් නැති” මහිමාන්විත ජීවිතයට අප සෑමකෙනෙක්ම බලා සිටිනවා ඒ මන්ද කිවහොත් අප ජීවිත කාළය තුල අභාග්‍යයණි නිරන්තර හිරිහැරණි අසතුට සහ නිෂ්ඵලතා වලට මුහුණ දෙන නිසාය අප මුහුණපාන මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් ශාපයන් ලෙස හැඳින්විය හැකx අපට ඒවායින් බේරෙන්නට හැකිද? ගැලවීමට මÛක් ඇත්ද? ශාපයන් හඳුනාගෙන ආශිර්වාද ලබාගැනීම පිණිස හැඩගැසීය හැකි ආකාරය දැන ගැනීමට මෙම පොත ඔබට උපකාරයක් වනු ඇත

  • විවිධාකාර ලේ ගැන බයිබලය කතා කරයි: එළුවන්ගේ ලේ, බැටළුන්ගේ ලේ, පරෙවියන්ගේ ලේ! එසේම ලේ වැගිරීමක් නොමැතිව පව් කමාවක් නොමැති බවද බයිබලය සෘජුව පවසයි. එසේනම් මෙම විවිධ ලේ වර්ග වලට අපගේ පාපවලට සමාව දීමට හැකියාව තිබේද? පිළිතුර අනිවාර්යෙන්ම “නොහැකිය” යන්නය. එසේනම් අපගේ පාප සෝදා හැරිය හැකි වන්නේ කුමකටද? ඒ කිසිවකට නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලට පමණය! අපගේ පාප සෝදා හැර අපව ගැළවීමට ගෙන ඒමට බලය ඇත්තේ යේසුස්වහන්සේගේ ලෙයට පමණය. මෙය ඉතා වැදගත් ග්‍රන්ථයකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ පිළිබඳව බොහෝ ශුද්ධ සත්‍යයන් ඔබ දැනගනු ඇත. යේසුස්වහන්සේගේ ලේ ජීවනය ලබා දෙන්නේ කෙසේද යන්න හා යේසුස්වහන්සේගේ ලෙයෙහි වැදගත්කම නතුකර ගන්නේ කෙසේද යන්න ඔබ දැනගනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ යේසුස්වහන්සේගේ ලේ අතර පවතින අන්තර්ක්‍රියාව ඔබ තේරුම් ගන්නවා ඇත. ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේගේ ලෙයට බලය ඇත!

  • මෙලොව අපගේ ජීවිතය උන්වහන්සේට සේවය කිරීමට ලැබී ඇති අවස්ථාවකි. එසේම උන්වහන්සේගේ රාජ්‍යය උදෙසා ඔබ කරන්නාවු දේවල් දෙස උන්වහන්සේ දෑස් යොමා සිටින සේක. මෙම ග්‍රන්ථය ඔබගේ කියවීම උත්තේජනය කරයි. කර්තෘවරයා විසින් ප්‍රකාශ කරන සත්‍යයන් ඔබ වැළඳ ගන්නේ නම්, ඔබගේ ජීවිතයට ලැබෙන අවස්ථා නිවැරදි ලෙස භාවිතා කිරීමට ඔබට ප්‍රඥාව ලැබෙනු ඇත.

Title

Go to Top