-
මෙම ග්‍රන්ථය කියවීමට උනන්දුවක් ඇති සියලුම දේව සේවකයන් හට ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ පෑන් තුඩින් පිදෙන තවත් තිලිණයකි. පියවරුන් සහ පුත්‍රයන් අතර ඇතිවන සංකීර්ණ සම්බන්ධතා පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට මෙම ග්‍රන්ථය පිළිතුරු සපයන්නේය. මෙම ග්‍රන්ථය ඉගැන්වීම තුළින් ඔබගේ ජීවිතයට ශාපයක් පැමිණීම වළක්වා ඔබ මතට ආශීර්වාදයක් ගෙන එනු ලබයි. පියවරු යනු පුත්‍රයන් හා රැකවරණයේ සිටින්නන් හදාවඩා ගන්නා විශේෂ පුද්ගලයන්ය. පියවරුන් නොමැතිව, වෙනත් පරම්පරාවලට නොකඩවා සේවය කිරීමට දරුවන් නොසිටිනු ඇත. ගෞරව නොකිරීම, කීකරු නොවීම හා පියවරුන් සමඟ දුර්වල සම්බන්ධතා පැවැත්වීම තුළින් පැමිණෙන ශාපය මෙම පොත කියවා මඟහැර ගන්න.
-
සමෘද්ධිය හා ධනය පාලනය කිරීම පිළිබඳව මවිතකර මුලධර්මයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එළිදරව් කරන සේක. යමක් ඇති තැනැත්තාට වැඩියෙන් දෙනු ලැබේ! එය කෙතරම් අසාධාරණදැයි පෙනී යන්නේද! එසේ වුවත් දිනපතා අප ඉදිරියේ රඟ දැක්වෙන යථාර්ථය එය වේ. සුළු වශයෙන් තේරුම් ගැනෙන ශුද්ධ ලියවිලි පාඨය විස්තර කිරීමට මෙම ග්‍රන්ථය උත්සාහ දරා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම ග්‍රන්ථය ඔබ හදාරන විට සමෘද්ධිමත් බවේ අභිරහස් වලට ඔබට උසස් ඇතුළාන්ත දැක්මක් ලැබෙනු ඇත.
-
විවිධාකාර ලේ ගැන බයිබලය කතා කරයි: එළුවන්ගේ ලේ, බැටළුන්ගේ ලේ, පරෙවියන්ගේ ලේ! එසේම ලේ වැගිරීමක් නොමැතිව පව් කමාවක් නොමැති බවද බයිබලය සෘජුව පවසයි. එසේනම් මෙම විවිධ ලේ වර්ග වලට අපගේ පාපවලට සමාව දීමට හැකියාව තිබේද? පිළිතුර අනිවාර්යෙන්ම “නොහැකිය” යන්නය. එසේනම් අපගේ පාප සෝදා හැරිය හැකි වන්නේ කුමකටද? ඒ කිසිවකට නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලට පමණය! අපගේ පාප සෝදා හැර අපව ගැළවීමට ගෙන ඒමට බලය ඇත්තේ යේසුස්වහන්සේගේ ලෙයට පමණය. මෙය ඉතා වැදගත් ග්‍රන්ථයකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ පිළිබඳව බොහෝ ශුද්ධ සත්‍යයන් ඔබ දැනගනු ඇත. යේසුස්වහන්සේගේ ලේ ජීවනය ලබා දෙන්නේ කෙසේද යන්න හා යේසුස්වහන්සේගේ ලෙයෙහි වැදගත්කම නතුකර ගන්නේ කෙසේද යන්න ඔබ දැනගනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ යේසුස්වහන්සේගේ ලේ අතර පවතින අන්තර්ක්‍රියාව ඔබ තේරුම් ගන්නවා ඇත. ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේගේ ලෙයට බලය ඇත!
-
"පරිපූර්ණ ලෙස මවාපෙන්වන අයගෙන් සහ පරිපූර්ණ ලෙස පක්ෂපාති නොවන අයගෙන් සභාවන් පිරී පවතී. සැමවිටම සාතන්ගේ ප්රධාන යතුර වී ඇත්තේ මුලාකිරීම සහ මවාපෑමය. මවාපෙනවන්නාගේ වෙස් මුහුණ තුළින් අභ්යන්තරය දැකීමට නොහැකි වන පුද්ගලයා තමාගේ අන්ධභාවය හේතුකොටගෙන දුක්විඳින්නේය. තර්ජනය කොට පොලඹවාගැනීම, සමීප ඇසුර හා වියවුල් බව දේව සේවකයන් සටන් වදින දුෂ්ට ආත්මයන්ය. තමන් සමඟ සටන් වදින්නේ කුමක්ද යන්න බොහෝ වෙලාවට මනුෂ්යයන් දැනුවත් නොවේ. ඔබගේ අභ්යන්තරයේ සිටින සතුරා හඳුනාගැනීමට සහ විරුද්ධ වීමට මෙම ග්රන්ථය ඔබට උපකාර කරනු ඇත.
-
න්‍දාකිසිදු ශාපයක් නැති” මහිමාන්විත ජීවිතයට අප සෑමකෙනෙක්ම බලා සිටිනවා ඒ මන්ද කිවහොත් අප ජීවිත කාළය තුල අභාග්‍යයණි නිරන්තර හිරිහැරණි අසතුට සහ නිෂ්ඵලතා වලට මුහුණ දෙන නිසාය අප මුහුණපාන මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් ශාපයන් ලෙස හැඳින්විය හැකx අපට ඒවායින් බේරෙන්නට හැකිද? ගැලවීමට මÛක් ඇත්ද? ශාපයන් හඳුනාගෙන ආශිර්වාද ලබාගැනීම පිණිස හැඩගැසීය හැකි ආකාරය දැන ගැනීමට මෙම පොත ඔබට උපකාරයක් වනු ඇත
-
"අපි සියලු දෙනා අතින්ම වැරදි සිදුවන බව බයිබලය පවසයි. සභා පාලකවරුන් විශේෂ නොවේ. අත්වැරදි ඔබව ඉදිරියට ගෙන යාම වෙනුවට පිටු පසට ගෙන යාමේ ප්‍රවණතාවක් ඇත. ඔබගේ දියුණුව නතර කිරීමට අත්වැරදිම් වලට හැකියාව ඇත. සභා පාලකවරුන් අතින් සිදුවීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ අත්වැරදිද සභා පාලකතුමාගේ අත් වැරදි දහය මොනවා විය හැකිද? මෙම විෂ්මිත ග්‍රන්ථයේ පිටු පෙරළා බලා, ඔබ ඉන් කුමන අත්වැරැද්දක් කිරීමේ අනතුරට පෙළඹී ඇතිදැයි වටහා ගෙන සභා පාලකතුමා කිරීමට පෙළඹිය හැකි ප්‍රධාන අත්වැරදි මඟ හරින්නේ කෙසේදැයි ඔබටම තේරුම් ගැනීමට ආරාධනා කරමු. මෙම ඉතා වැදගත් ග්‍රන්ථය ඔබට මෙන්ම ඔබගේ දේව සේවයට ආශිර්වාදයක් වනු නියතය. "
-
සභාවන් රෝපණය කිරීම දේවගැතිවරුන් අතර ඉතා ප්‍රචලිතව ඇති සංසිද්ධියකි. එය මුල් ගෝලයින් අතර වු ප්‍රධාන ක්‍රියාකාරකමක් විය. කෙසේ වෙතත් සාර්ථක සභා රෝපණයට කුසලතාව අවශ්‍ය වන අතර බොහෝ සාධක අනුගමනය කළ යුතුය. ලොව පුරා ශාඛා 500 පමණ ඇති ශුද්ධාත්මදානී නිකායක ආදි නිර්මාතෘ ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම පොත තුළින් සභා රෝපණය පිළිබඳ විවිධ අංශ විශ්ලේෂණය කරයි. සභා රෝපණය තම ජීවිතය උදෙසා දර්ශනයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම දේවගැතිවරයෙකු හටම මෙය පුහුණු අත් පොතක් වනු ඇත.